ට්විටර් අයිතිකර ගැනීමට මස්ක් ගත් වෑයම ඉවතට


සෞදි අරාබියේ අල් වලීඩ් බින් තලාල් කුමරු විසින් ටෙස්ලා සහ ස්පේස්එක්ස් හි ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක් විසින් ට්විටර් සමාජ ජාලය ඇ.ඩො.බිලියන 41කට මිලදී ගැනීමට කළ යෝජනාව ප්‍රතික්ෂේප කර තිබේ.

ට්විටර් හි විශාලතම කොටස් හිමියෙකු වන කුමරු පැවසුවේ මස්ක්ගේ ලංසුව, සමාජ මාධ්‍ය වේදිකාවේ සැබෑ වටිනාකමට කිසිසේත්ම සමීප නොවන බවයි.

"එලොන් මස්ක් විසින් යෝජිත ලංසුව ට්විටර් හි වර්ධන අපේක්ෂාවන් අනුව එහි සැබෑ වටිනාකමට ආසන්න යැයි මා විශ්වාස කරන්නේ නෑ" සෞදි කුමරු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, කොටසක් ඩොලර් 54.20කට හෝ ඇ.ඩො.ඩොලර් 41කට සමාගම මිලදී ගැනීමට Musk කළ යෝජනාව ගැන සඳහන් කරමිනි."ට්විටර් හි විශාලතම සහ දිගු කාලීන කොටස්කරුවන්ගෙන් කෙනෙකු ලෙස මා මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා."

අල් වලීඩ් කුමරු වර්ෂ 2015 දී ට්විටර් හි කොටස්වලින් 5%කට වඩා වැඩි ප්‍රමාණයක් මිලදී ගෙන තිබුණේ, මෙම සමාජ මාධ්‍ය වේදිකාවට එක්සත් ජනපදයෙන් පිටත එතරම් ජනප්‍රියත්වයක් නොතිබූ වකවානුවකය. කෙසේ වෙතත් එලොන් මස්ක් සමාගමේ විශාලතම කොටස් හිමියෙකු ලෙස ඔහුට සමාගමේ 9.1% කොටස් හිමිකාරීත්වයක් ඇති බවද සඳහන් වෙයි.



Recommended Articles