ටලාස් සුළි කුණාටුව සෙනසුරාදා නැගෙනහිර ජපානයට ළඟා වූ අතර, තවත් ප්‍රධාන කුණාටුවකින් සතියකට පසු අධික වර්ෂාපතනයක් සහ එක් පුද්ගල මරණයක් මේ වනවිටත් වාර්තා වී තිබේ.
ෂිසෝකා ප්‍රාන්තයේ කකේගාවා හි නිවසක් නාය යාමෙන් පුද්ගලයෙකු මිය ගොස් ඇති අතර, එම ප්‍රාන්තයේ හමමට්සු හි තවත් නාය යාමකින්, නව හැවිරිදි පිරිමි ළමයෙකු ඇතුළු තිදෙනෙකු සුළු තුවාල ලබා ඇත.
ජපාන කාලගුණ විද්‍යා ඒජන්සියට අනුව ඔමේසාකි වෙරළට කිලෝමීටර් 100 ක් ඔබ්බෙන් රටේ ඊසාන දෙසින් ටලාස් සුළි කුණාටුව හමා යමින් තිබුණි. ටෝකියෝ ඇතුළු මධ්‍යම, නැගෙනහිර සහ උතුරු ජපානයේ මුහුද රළු වී ඇති අතර, අධික වර්ෂාව, නායයෑම් සහ ගංවතුර පිළිබඳ අනතුරු ඇඟවීම් ඒජන්සිය නිකුත් කර ඇත.