ජෝර්දානය කොවිඩ්-19 වසංගතයේ තුන්වැනි රැල්ලට ඇතුළු වී ඇති අතර, එහි සතිපතා ආසාදිත රෝගීන් 20,000ක් පමණ දක්වා ඉහළ ගොස් ඇති බව ජෝර්දාන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ධනාත්මක පරීක්ෂණ අනුපාතය 8%ක් දක්වා ඉහළ යාම දැකීම කනස්සල්ලට කරුණක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහලේකම් ඇඩෙල් බල්බිසි උපුටා දක්වමින් රජයේ පෙට්රා ප්රවෘත්ති ඒජන්සිය සඳහන් කරයි.
කෙසේ වෙතත්, ICU, හුදකලා කිරීම් සහ වෙන්ටිලේටර් ඇඳන්වල ප්‍රතිකාර ලබන ප්‍රතිශතය තවමත් 30%ක් ඉක්මවා නොමැති බැවින්, රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ රෝහල් ධාරිතාව තවමත් අවදානම් මට්ටමකට නොපැමිණ ඇති බවද කියයි.
මේ වනවිටත් එන්නත්කරණය සිදුකෙරෙන බැවින් එන්නත් ලබානොගත් ජනතාවට වහාම එන්නත් ලබාගන්නා ලෙස සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.