ජෝන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත ද. අප්‍රිකාව ලබාදෙයි


දකුණු අප්‍රිකාව සිය පළමු ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොවිඩ්-19 එන්නත ලබාදීම ඊයේ (17දා) කේප් ටවුන් හි කයිලිට්ෂා දිස්ත්‍රික් රෝහලේදී සිදුකර තිබේ.

දකුණු අප්‍රිකාව මුලින් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීම සිදුකරමින් සිටියද එය රටේ පැතිරෙන නව වෛරසය ප්‍රභේදයන්ට අවම ආරක්ෂාවක් ලබාදෙන බව පවසමින් එය ලබාදීම අත්හිටුවීය.

කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පසුගියදා ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි අනුවාද දෙකම අනුමත කරමින්, එය ලොවපුරා භාවිතයට ගැනීමට සුදුසු එන්නතක් බව කීය.



Recommended Articles