ජෝ බයිඩන්ගේ චීන විරෝධී සන්ධානයෙන් ප්‍රංශය ගැලවේ


ජනාධිපති ජෝ බයිඩන්ගේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයා වන එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් පසුගිය ජුනි මාසයේදී පැරීසියේදී ප්‍රංශ භාෂාවෙන් විහිළු තහළු කරමින් ප්‍රංශ තරුණයන් සමග සෙල්ෆි ඡායාරූප ගැනීම සහ අත්ලාන්තික් සාගරය අතර සබඳතා පුනර්ජීවනය කිරීම පිළිබඳ බලාපොරොත්තුවක් ඇති කළේය.

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඇමෙරිකා ෆස්ට් පරිපාලනයෙන් වසර හතරකට පසු එය නැවුම් සුළඟක් ගෙන ආවත්, එම කාලය තුළ යුරෝපය සමග එක්සත් ජනපද සබඳතා එක් අර්බුදයකින් තවත් අර්බුදයකට යොමු වූයේ ඇමෙරිකානු ප්‍රතිපත්තිමය තීරණ මධ්‍යයේ යුරෝපා රටවල් බොහෝ විට අන්ධ වන බැවිනි.

කෙසේ වෙතත් බ්ලින්කන්ගේ මෙම සංචාරයෙන් මාස තුනකටත් අඩු කාලයකදී වොෂිංටනය, ප්‍රංශය විසින් ඔස්ට්‍රේලියාව සමග ගිවිසගෙන තිබූ ඇ.ඩොලර් බිලියන 40ක සබ්මැරීන කොන්ත්‍රාත්තුවක් කටුගා දැමීමට පාර සැකසූ ඇමෙරිකා එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව හා බ්‍රිතාන්‍යයද එක්වූ ත්‍රෛපාර්ශ්වික ගනුදෙනුවක් සමග ප්‍රංශයට මුහුණට සිනාසී පස්සෙන් ටොක්කක් ඇණ ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

කෙසේ වෙතත් මේ සමගම ප්‍රංශය කෝපයෙන් ප්‍රතික්‍රියා කළ අතර, ඇමෙරිකාවේ සහ ඔස්ට්‍රේලියාවේ සිටි තම තානාපතිවරු වහාය යළිත් සිය රට කැඳවීය. එමෙන්ම මෙම සිද්ධිය ලෝකයට වාර්තා කිරීමේදී පොර නොඇසූ විරූ භාෂාවක් භාවිත කළ ප්‍රංශය ඇමෙරිකාවේ මෙම ක්‍රියාකලාපය "කෘර" සහ "පස්සෙන් සිට පිහියෙන් ඇණීමක්" ලෙස හැඳින්වීය.

විශ්ලේෂකයන් පවසන්නේ අර්බුදය වාණිජමය වශයෙන් ඉහළ ගනුදෙනුවක් නිසා එය ඉක්මණින් පුපුරා යනු ඇතැයි එක්සත් ජනපද නිලධාරීන් බලාපොරොත්තු වුවද, ප්‍රංශය සහ යුරෝපය සමග ඇති සන්ධානයට කල් පවත්නා හානියක් සිදුවනු ඇති බව ඔවුන් නොසිතන්නට ඇති බවයි. විශේෂයෙන්ම චීනයට එරෙහිව ඇමෙරිකාව ගොඩනගන සන්ධානයෙන් එක් එක් පාර්ශ්ව ගැලවී යද්දී, මේ වනවිට ප්‍රංශයද ඇමෙරිකානු බෝට්ටුවෙන් පිටතට පැන ඇති බව විචාරකයන් වැඩිදුරටත් පවසයි.



Recommended Articles