ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් හදිසියේම යුක්රේනය වෙත සංචාරයක නිරත වී ඇති අතර, මෙය රුසියානු - යුක්රේන ගැටුම් ආරම්භ වීමෙන් පසුව ඇමෙරිකානු නායකයාගේ ප්රථම සංචාරය වීම විශේෂත්වයකි.
ගැටුමේ අතිශය තීරණාත්මක මොහොතක් ලෙස ඉදිරියේදී රුසියාවෙන් එල්ල විය හැකි දැවැන්ත ප්රහාරයකට යුක්රේනය සූදානම් වන පසුබිමක බටහිර සහාය යුක්රේනය වෙත හිමිවන බව පෙන්වීම ඇමෙරිකානු නායකාගේ මෙම සංචාරයේ උපාය මාර්ගය වනු ඇත.
කෙසේ වෙතත් යුක්රේන නායක වොලොදිමීර් සෙලෙන්ස්කි වෙත යුක්රේනයේ සංචාරය කරන ලෙස අවස්ථා කිහිපයකදී ඇමෙරිකානු නායකයාට ආරාධනා කෙරුණත්, ඔහුගේ සංචාරය වසරක පමණ කාලයකට පසුව සිදුවිය.