ජෝ බයිඩන් වර්ෂ 2024 ජනපතිවරණයට එනවාලු


ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් 2024 ජනාධිපතිවරණය සඳහා නැවත වරක් තරග කරන බව පවසයි.

"මම තරග කිරීමට සැලසුම් කරනවා. නමුත් අපි එය ප්‍රකාශ කිරීමට තවම සූදානමක් නැහැ." එන්.බී.සී. නාලිකාව සමග පැවති සාකච්ඡාවකදී බයිඩන් කියා සිටියේය.

ධවල මන්දිරයේ පාස්කු දින උත්සවයට සමගාමීව මෙම වැඩසටහන සිදුකර තිබුණි. මේ අතර, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද 2024 ජනාධිපතිවරණයට තරග කිරීමට සූදානමින් සිටියි.



Recommended Articles