ජොකොවික්ට දෙසැම්බරයේ කොවිඩ් හැදුණු බව කියයි


ටෙනිස් ලෝකයේ අංක 1 සිටින නොවැක් ජොකොවික්ට පසුගිය මාසයේ කොවිඩ්-19 වැලඳී ඇති නමුත් රෝග ලක්ෂණ අත්විඳ නොතිබූ බවත්, එන්නත් කිරීමේ නීතිවලින් වෛද්‍ය නිදහස් කිරීමක් සමග විදෙස්ගත වීමට පෙර ඔහු ඔස්ට්‍රේලියාවේ ආගමන දෙපාර්තමේන්තුවෙන් ලිඛිත අවසරයක් ලබාගෙන ඇති බවත් ඔහුගේ නීතීඥයින් අධිකරණයට කරුණු ගොනු කරමින් කියා තිබේ.

බ්‍රහස්පතින්දා පැමිණීමේදී වීසා අවලංගු කිරීමෙන් පසු ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ රැඳවුම් භාරයේ සිටින ජොකොවික්, දෙසැම්බර් 16 වැනි දින ඔහුගේ පළමු වැනි ධනාත්මක කොරෝනා වෛරස පරීක්ෂණයක්ද සිදුකළ බවත්, පසුගිය පැය 72 තුළ කොවිඩ්-19 හි උණ හෝ ශ්වසන රෝග ලක්ෂණ පෙන්වා නොතිබූ බවත් සඳහන් කරමින් නීතීඥයන් ජොකොවික්ගේ වීසා බලපත්‍රය අවලංගු නොකරන ලෙස අධීකරණයේ පිහිට පතයි.

කෙසේ වෙතත් 34 හැවිරිදි ජොකොවික් තමාගේම එන්නත් තත්ත්වය කිසි විටෙකත් හෙළි කර නැත. ජනවාරි 17 වැනිදා ආරම්භ වන ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේදී ඔහු සිය 21 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව දිනාගැනීමේ අපේක්ෂාවෙන් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් උසාවියේ වීසා අවලංගු කිරීම අභියෝගයට ලක්කර ඇත.

හෙම් අතර සිකුරාදා වනවිට ජොකොවික්ට සහාය පළ කරමින් ලොව පුරා සිටින පුද්ගලයන් ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ දැක්වූ අදහස්වලට සර්බියානු වැසියන් සිය ස්තූතිය පුද කරන අතර, මෙසේ ජොකොවික් රඳවා තබා ගැනීම ඔහුගේ උපන් දේශය වන සර්බියාවේ කෝපය සහ වර්ගවාදය පිළිබඳ චෝදනා අවුලුවා ඇති බවද කියයි.

ඒ අනුව ටෙනිස් තරුවට සහය දැක්වීම සඳහා සියගණනක් පසුගිය දින දෙක තුළ පෙළ ගැසී ඇති අතර, සිදුවෙමින් පවතින දේ ලැජ්ජාසහගත යැයි ඔවුහු පවසති.

"ප්‍රශ්නය එන්නත නොවෙයි. එයට හේතුව ඔහු සර්බියානු ජාතිකයෙක් සහ ලෝකයේ හොඳම ටෙනිස් ක්‍රීඩකයා වීමයි" ජොකොවික්ගේ රසිකයෝ පවසති.



Recommended Articles