ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා ඔස්ට්‍රේලියානු සංක්‍රමණ පෝරමය නිවැරදිව පුරවා නොමැති බැවින් විවෘත ටෙනිස් ශූරතාවට සහභාගි වීමේ නොවැක් ජොකොවික්ගේ සිහිනය තවදුරටත් බොඳකරන ලකුණු පහළ කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
අධිකරණ ක්‍රියාමාර්ගය ජයගැනීමත් සමග ඔහු ආගමන විගමන රැඳවුම් භාරයෙන් නිදහස් වීමෙන් පසුව, ජොකොවික් ඉදිරිපත් කර ඇති වීසා අයදුම්පත්‍රයේ නොගැලපීම් පිළිබඳ වාර්තා මතු වී තිබේ.
ඕස්ටේ්රලියාවේ ආගමන විගමන අමාත්‍ය ඇලෙක්ස් හෝක් පැවසුවේ සර්බියානු ජාතික ජොකොවික්ට අලුතින්ම නිකුත් කර ඇති වීසා බලපත්‍රය අවලංගු කිරීමට සලකා බලමින් සිටින බවයි.