ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවික් ඔස්ට්‍රේලියානු දේශසීමා බලධාරීන් විසින් රඳවා ගනු ලැබූ බව විදෙස් වාර්තා පවසයි.
කොවිඩ්-19 සඳහා එන්නත් ලබාගෙන නොසිටි ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා ප්‍රජාවට අවදානමක් විය හැකි බව පවසමින් ඔස්ට්‍රේලියානු රජය සිකුරාදා දිනයේ ඔහුගේ වීසා බලපත්‍රය දෙවන වරටත් අවලංගු කළේය.
අධිකරණය විසින් මීට පෙර වීසා බලපත්‍රය අවලංගු කිරීම අවලංගු කර පසුගිය සඳුදා සංක්‍රමණ රැඳවුම් භාරයෙන් ඔහු නිදහස් කර තිබුණත්, සංක්‍රමණ අමාත්‍ය ඇලෙක්ස් හෝක් විසින් ජොකොවික්ගේ වීසා බලපත්‍රය නැවත අවලංගු කිරීමට අභිමත බලතල භාවිත කළේය.
අමාත්‍යවරයාගේ තීරණය "අතිශයින් අථාර්කිකයි" යනුවෙන් ජෝකොවික්ගේ නීතීඥ නිකොලස් වුඩ් ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් අධිකරණයට පවසා තිබුණි.
කෙසේ වෙතත් සිකුරාදා එකඟ වූ අධිකරණ නියෝගයක් මත ඔහුව නැවත වරක් රඳවා තබා ගැනීම සිදුවිය. ඒ අනුව, ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් අධිකරණය විසින් ඔහුගේ නඩුව විභාග කරන අතරතුර ජොකොවික් රැඳවුම් භාරයේ තබාගන්නා බව වාර්තා වෙයි.