ලොව ප්රමුඛ පෙළේ පිරිමි ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවික්ට ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමේ තහනම අවලංගු කිරීමේ ඔහුගේ සටනේ මීළඟ නඩු විභාගය සඳුදා පවත්වන තෙක් අවම වශයෙන් ඉදිරි පැය 72ක කාලයක් ඔහුට මෙල්බර්න් හි හෝටල් කාමරයක රැඳී සිටීමට සිදුවනු ඇති බව විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත් බ්‍රහස්පතින්දා පැවති නඩු විභාගයකදී, සර්බියානු තරුව සහ සංක්‍රමණ අමාත්‍යවරයා වෙනුවෙන් වූ නියෝජිතයින් විසින් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් උසාවියේදී එලැඹෙන සඳුදා පැවැත්වෙන නඩු විභාගයට පෙර 20 වරක් ග්‍රෑන්ඩ් ස්ලෑම් ජයග්‍රාහකයා පිටුවහල් කිරීමට කිසිදු පියවරක් නොගන්නා බවට එකඟතාවයකට පැමිණියහ.
මීට පෙර එන්නත් ලබාගැනීම ප්‍රතික්ෂේප කර තිබූ ජෙකොවික්ට සම්පූර්ණ එන්නත් මාත්රාවන්ගෙන් තොරව ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට ඉඩදිය නොහැකි බව එරට අගමැති ස්කොට් මොරිසන්ද පවසා තිබුණු අතර, ඔහු කියා තිබුණේ "නීතිය නම් එය සැමට පොදු විය යුතු" බවයි.
කෙසේ වෙතත් ඔහු මෙවර ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් කිරුළ ආරක්ෂා කර ගැනීමට දැඩි උත්සාහයක නිරත වන අතර, මෙම තරගාවලිය ජනවාරි 17දා ආරම්භ වීමට නියමිතය.