ජෙෆ් බෙසොස් අභ්‍යවකාශ තරණය සාර්ථකව සිදුවෙයි


ලොව ධනවත්ම මිනිසා ලෙස ජෙෆ් බෙසොස් ඇමෙරිකාවේ, ටෙක්සාස් කාන්තාරයට ඉහළින් කිලෝමීටර් 107ක් දුර සිය බ්ලූ ඔරිජින් යානයෙන් අභ්‍යවකාශයට පියාසර කර ආරක්ෂිතව පෘථිවියට පැමිණ තිබේ.

එය තවත් ඓතිහාසික අවස්ථාවක් වන අතර, පුද්ගලික වාණිජ අභ්‍යවකාශ සංචාරක ව්‍යාපාරයේ නව යුගයක් ආරම්භ කිරීමට උපකාරී වන්නකි.

ජෙෆ් බෙසොස් පැවසුවේ අභ්‍යවකාශ කැප්සියුලය විශාල පැරෂුට් තුනකින් විශාල දූලි වළාවක්ද ඇති කරමින් පෘථිවිය වෙත ස්පර්ශ වූ බවයි. ලොව පැරණිතම හා ලාබාලතම අභ්‍යවකාශ සංචාරකයන් ඔහු සමග මෙම අභ්‍යවකාශ සංචාරයට එක්ව සිටියහ.

57 හැවිරිදි ඇමෙරිකානු කෝටිපතියා නිල් පැහැති ඇඳුමක් ඇඳගෙන කව්බෝයි තොප්පියකින් සැරසී විනාඩි 10යි තත්පර 10ක කාලයක් අභ්‍යවකාශයේ රැඳෙමින් සිදුකළ මෙම සංචාරයට තවත් තිදෙනෙකු එක්වූහ. මෙම ගොඩබෑමෙන් පසුව ඔවුන් එකිනෙකා වැලඳගෙන ෂැම්පේන් පානය කළහ.

ඇමේසන් ඉන්කෝපරේෂන් හි නිර්මාතෘ බෙසොස් සහ සමාගමේ කොටස් හිමිකරුවකු වන ඔහුගේ සහෝදර මාර්ක් බෙසොස් තවත් දෙදෙනෙකු සමග මෙම ගමනට එක්වූහ. කාතහස්ථ නියමුවරියක වන වොලී ෆන්ක් (අවු.82) සහ මෑතදී උසස් පාසල් උපාධිධාරී 18 හැවිරිදි ඔලිවර් ඩේමන් අභ්‍යවකාශයට ළඟා වූ වයස්ගතම හා ලාබාලම පුද්ගලයන් බවට මේ සමග පත්විය.

බ්‍රිතාන්‍යයේ ශ්‍රීමත් රිචඩ් බ්‍රැන්සන් සිය තරගකාරී අභ්‍යවකාශ සංචාරක සමාගමක් වන වර්ජින් ගැලැක්ටික් සමග සිය සමාරම්භක අභ්‍යවකාශ සංචාරය සිදුකර දින 09කට පසුව බෙසොස් සිය සංචාරය සිදුකළේය.

ඒ අනුව මෙම ගුවන් ගමන් දෙකම අභ්‍යවකාශ සංචාර කෙරෙහි විශ්වසනීයත්වයක් ලබාදෙන අතර වේගයෙන් වර්ධනය වන අභ්‍යවකාශ සංචාරක කර්මාන්තයට රුකුලක් සපයනු ඇති බව කියයි.



Recommended Articles