ජෙට් ෆ්ලයිබෝඩයෙන් ඉංග්‍රීසි ඕඩය තරණය කිරීම අතරමග නතර වෙයි


ජෙට් එන්ජිමකින් බලගැන්වුම් ෆ්ලයිබෝඩ් එකක් ආධාරයෙන් ඉංග්‍රීසි ඕඩය තරණය කිරීම සඳහා ප්‍රංශ නවෝත්පාදකයෙකු ගත් උත්සාහයක් අසාර්ථක වී තිබේ.

හිටපු ජෙට් ස්කී ශූරයෙකු වන ෆ්‍රැන්කි සැපාටා සිය නවෝත්පාදන ඇඳුමින් සැරසී උතුරුදිග ප්‍රංශයේ සිට දකුණුදිග එංගලන්තය දක්වා විනාඩි 20ක කාලයකින් ඉංග්‍රීසි ඕඩය ගුවනින් තරණය කිරීමට සැලසුම් කර තිබුණි.

කෙසේ වෙතත්, ඔහුගේ ජෙට් ෆ්ලියඩෝඩ් එක සඳහා නැවත ඉන්ධන පුරවා ගැනීමට බෝට්ටුවක් වෙත ගොඩබෑමට ගත් උත්සාහයේදී ඔහු ජලයට ඇද වැටුණි.

40 හැවිරිදි සැපාටා මෙසේ හදිසියේ ජලයට වැටුණත් ඉන් ඔහුගේ ජීවිතයට තර්ජනයක් නොවූ අතර, සිද්ධියෙන් පසුව ඔහු මාධ්‍යයට පවසා තිබුණේ මෙම ජයග්‍රහණය ලබාගැනීමට නොහැකි වීම දැඩි පසුතැවිල්ලක් ගෙනදුන් බවය.



Recommended Articles