ජූලි අවසන් වනවිට දිල්ලියේ ආසාදිත ලක්ෂ 5.5ක් වේවිලු


දිල්ලියේ නව කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව අඟහරුවාදා වනවිට දෙගුණ වූ බැවින් ජූලි 31 වැනිදා වනවිට එහි ආසාදිතයන් සංඛ්‍යාව 550,000ක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කළ යුතු බව දිල්ලියේ ආපදා කළමනාකරණ අධිකාරිය කියයි.

ඒ අනුව දිල්ලියේ රෝහල්වලට අමතර ඇඳන් 80,000ක් අවශ්‍ය වනු ඇතැයි දිල්ලි නියෝජ්‍ය මහ ඇමති මනීෂ් සිසෝඩියා ආපදා කළමනාකරණ අධිකාරියේ රැස්වීමට සහභාගී වීමෙන් පසුව පැවසීය.

ඉන්දියාවේ අගනගරයේ කොවිඩ්-19 තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එම අධිකාරිය ඊයේ (09දා) රැස්විය.

අඟහරුවාදා උදෑසන වනවිට දිල්ලියේ කෝවිඩ්-19 ආසාදිතයන් 29,943ක් වාර්තා වී ඇති බව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.



Recommended Articles