ජීවිත 2ක් බිලිගත් ටොරොන්ටෝ ඝාතකයා නමින් ෆයිසාල් හුසේන්


අවුරුදු 10ක කුඩා දැරියකට සහ අවුරුදු 18ක තරුණියකට මරු කැඳවමින් කැනඩාවේ, ටොරොන්ටෝ නගරයේ ජනාකීර්ණ වීදියක විවෘත වෙඩි තැබීමක් සිදුකළ ඝාතකයා 29 හැවිරිදි ෆයිසාල් හුසේන් බවට හඳුනා ගැනේ.

ඔන්ටාරියෝ විශේෂ විමර්ෂණ ඒකකය මගින් සිදුකළ පරීක්ෂණයන්ගෙන් අනතුරුව පසුගිය ඉරිදා මෙම ම්ලේච්ඡ ඝාතනය සිදුකළ පුද්ගලයා ප්‍රසිද්ධියට පත් කෙරිණි.

කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයේ අගනගරය ලෙස සැලකෙන ටොරොන්ටෝ එරට විශාලතම නගරය වන අතර, මෙම සිදුවීමෙන් බොහෝ දෙනෙකු තිගැස්මට පත්ව සිටින බව විදෙස් වාර්තා පවසයි.

එමෙන්ම, ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 13 දෙනෙකු තුවාල ලැබූ අතර, පොලීසිය සමග වෙඩි හුවමාරුවේදී මියගිය සැකකරුගේ මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතව තිබේ.

මේ අතර, මෙම සිද්ධිය වාර්තා වීමත් සමග ෆයිසාල් හුසේන් නැමැත්තාගේ පවුලේ ඥාතීන් තමන්ගේ බලවත් ශෝකය පළ කරමින් ඔහු පසුගිය කාලයේ බලවත් මානසික ආතතියකින් පසුවී ඇති බව සඳහන් කර තිබේ.

කෙසේ වෙතත්, මෙම සිද්ධිය පිටුපස ඉස්ලාම් අන්තවාදී ජිහාඩ් ත්‍රස්තවාදයක බළල් හස්තයක් ක්‍රියාත්මක වූයේද යන්න පිළිබඳ පැහැදිලි සැකයක් මතුව ඇති නිසා වැඩිදුර පරීක්ෂණ සිදුවන බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.



Recommended Articles