බොරිස් ජොන්සන් වෙනුවට අගමැති ධුරයට තරග වදින අවසන් අපේක්ෂකයින් දෙදෙනාගෙන් එක් අයෙකු වන එක්සත් රාජධානියේ විදේශ ලේකම් ලිස් ට්‍රස් වෙත, ඉහළ යන ඉන්ධන මිල සහ දේශගුණ විපර්යාස මැඬපැවැත්වීම සඳහා විශ්වසනීය සැලැස්මක් නොමැති බව කියා සිටිමින් දේශගුණ ක්‍රියාකාරීන් විසින් ඇයගේ දේශනයකට බාධා කර තිබේ.
පසුගියදා ඊස්ට්බර්න් හි පැවති කොන්සර්වේටිව් පක්ෂයේ ප්රචාරක උත්සවයකදී ට්‍රස් සිය ආරම්භක ප්‍රකාශය සිදු කරන විට, ක්‍රියාකාරීන් කිහිප දෙනෙක් “ඔබ ඔබ ගැනම ලැජ්ජ විය යුතුයි” පවසමින් කෑගසමින් තම අසුන්වලින් නැගිට ගියහ.
“BP සහ Shell වැනි බලශක්ති සමාගම් වාර්තාගත ලාභ උපයනවා. සාමාන්‍ය ජනයාට පටි තද කරගන්නා ලෙස කියනවා” එක් විරෝධතාකරුවෙක් ප්‍රකාශ කළේය.