ජීප් රිය සමග ප්‍රපාතයට පෙරලුණු තරුණියක් සතියකට පසු හමුවෙයි


සිය මෝටර් රථය සමග ප්‍රපාතයකට පෙරළුණු ඇමෙරිකානු තරුණියක් සතියකට පසුව නිරුපද්‍රිතව සොයාගැනීමට හැකිවී තිබේ.

23 හැවිරිදි ඇන්ජෙලා හර්නැන්ඩේස් කැලිෆෝනියාවේ, බිග් සූර් ප්‍රදේශයේදී මෙම අනතුරට මුහුණ දී තිබුණේ තම ජීප් රථයේ නැගී ගමන් කරමින් සිටියදීය.

එහිදී, මීටර් 60ක් පමණ ප්‍රපාතයකට පෙරළී තිබූ ඇයට ඉන් කිසිදු බරපතළ අනතුරක් සිදු නොවූවත්, ඇගේ උරහිසට ආබාධයක් සිදුව ඇත.

එහිදී, තම මෝටර් රථයේ රේඩියේටරයේ තිබූ ජලය පානය කරමින් මෙම සතිය පුරාම සිය ජීවිතය පවත්වා ගැනීමට මෙම තරුණිය ඥාණාන්විත වී තිබේ.

මෙම ප්‍රදේශයේ ගැවසුණු කඳු නගින්නන් පිරිසක් විසින් ඇයව සොයාගෙන තිබුණේ, මෝටර් රථයක් පහළ ප්‍රපාතයට වැටී ඇති ආකාරය ඔවුන් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවය.

කැලිෆෝනියාවේ වඩාත් ප්‍රකට වෙරළාසන්න අධිවේගී මාර්ගයේදී සිය ජීප් රථයේ හැප්පීමට ගිය සතෙකු බේරීමට යාමෙන් තමන් මෙම ප්‍රපාතයට පෙරළුණු බව ඇය පවසා තිබුණි.

පෝටර්ලන්ඩ් සිට තම සොයුරිය ජීවත් වන ලොස් ඇන්ජලීස් වෙත ගමන් කරමින් සිටියදී ඇය මෙම අනතුරට මුහුණ පා තිබුණු අතර, ඇය ජීවතුන් අතර සිටීම ඇය ලැබූ වාසනාවක් බව එම පළාතේ පොලිස් ප්‍රධානීහු පවසති.



Recommended Articles