ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද ප්‍රතිශතය අනුව අගමැති මෝදි නියෝජනය කරන භාරතීය ජනතා පක්ෂය දැවැන්ත ජයග්‍රහණයක් අභියස සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දීය පාර්ලිමේන්තුවේ ආසන 543ක් වෙනුවෙන් අදියර 7ක් යටතේ සති 6ක කාලයක් පැවති ඡන්ද විමසීමේ, ඡන්දය ගණන් කිරීම අද උදෑසන ආරම්භ විය.
ඒ අනුව, දැනට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල අනුව භාරතීය ජනතා පක්ෂය සහ ඊට සහාය දක්වන සෙසු පක්ෂ විසින් ආසන 339ක් ජයග්‍රහණය කර ඇති අතර, රාහුල් ගාන්ධිගේ නායකත්වයෙන් යුතු ඉන්දීය කොංග්‍රස් පක්ෂය සහ ඊට සහාය දක්වන පක්ෂවලට ජයගැනීමට හැකිවී ඇත්තේ ආසන 87ක් පමණි. මීට අමතරව, සෙසු සියලු පක්ෂ ආසන 116ක් ජයගෙන තිබේ.
හින්දු ජාතිකවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කළ මෝදි රට බෙදන බවට බටහිර රාජ්‍යයන් සහ ඔවුන්ට ගැති මාධ්‍ය චෝදනා කළ පසුබිමක, ඉන්දීය ජනතාව මෙම ජාතිකවාදී නායකයා වෙත දැවැන්ත බලයක් ලබාදී තිබේ.