ජසින්ඩා ආර්ඩෙන් නවසීලන්ත අගමැතිනිය ලෙස ඇගේ සමුගැනීමේ කතාව සිය අනුප්රාප්තිකයා වූ ක්රිස් හිප්කින්ස් ඉදිරියේ සිදු කළාය.
"මම මේ රැකියාවේ යෙදී සිටියදී ආදරය, දයාව, සංවේදනය සහ කරුණාව අත්විඳ තිබෙනවා. එය මගේ ප්රමුඛ අත්දැකීමයි" ඇය සඳහන් කළාය.
අගමැති ධුරයෙන් ඉවත්ව ගියත් මන්ත්රී ධුරයේ තවදුරටත් රැඳී සිටින බව පවසා සිටි ඇය, ප්රධාන දේශපාලන ප්රවාහයෙන් ඉවත්ව සිටින බවද කියා සිටියාය.
ආර්ඩෙන් 2017 දී එරට අගමැති වූ අතර, ඉන් වසර තුනකට පසුව පැවති මැතිවරණයෙන් යළිත් ජයග්රහණය කළාය.
කෙසේ වෙතත්, පසුගිය ජනවාරි 19දා රූපවාහිනී ප්රකාශයක් නිකුත් කරමින් ජසින්ඩා නිවේදනය කළේ පෙබරවාරි 7දාට පසුව තමා ඉල්ලා අස්වන බවය.