ජර්මානු හමුදා ජෙනරාල් වරයෙකු කලින් විශ්‍රාම යවයි


ජර්මානු හමුදාපති ජෙනරාල් එබර්හාඩ් සෝන් කලින් විශ්‍රාම ගන්වා, මේජර් ජෙනරාල් කාර්ස්ටන් බෘවර් නව හමුදාපතිවරයා ලෙස පත්කිරීමට එරට ආරක්ෂක අමාත්‍ය බොරිස් පිස්ටෝරියස් කටයුතු කර තිබේ.

59 හැවිරිදි වියේ පසුවන බෘවර් ජර්මානු හමුදාවේ ජාතික මෙහෙයුම් විධානයේ ප්‍රධානියා ලෙස මීට පෙර කටයුතු කළ අතර, කොවිඩ්-19 වසංගතය සමයේ එරට හමුදාවට නායකත්වය ලබාදුන්නේද ඔහු විසිනි.

කෙසේ වෙතත්, හිටපු හමුදාපතිවරයා හදිසියේ කලින් විශ්‍රාම ගැන්වීමට හේතුව නිල වශයෙන් ප්‍රකාශ කිරීමක් සිදුකර නැත.



Recommended Articles