ජර්මනිය පුරා ඇති විශාල දෙපාර්තමේන්තු වෙළෙඳසැල් සහ වෙළඳ සංකීර්ණ බලශක්ති ඉතිරිකිරීමේ නවතම උත්සාහය ලෙස එස්කැලේටර් (ස්වයංක්‍රීය පඩිපෙල්) ක්‍රියා විරහිත කිරීමට හෝ ඒවායේ භාවිතය සීමා කිරීමට පටන් ගෙන ඇති බව ජර්මානු මාධ්‍ය වාර්තා කරයි.
ජර්මානු ඉලෙක්ට්‍රොනික උපකරණ දාමයක් වන සැටර්න් හි වෙළෙඳසැල් කිහිපයක සහ කාර්ස්ටැඩ්ට් සහ ගැලරියා කවුෆ්හෝෆ් ඇතුළු දෙපාර්තමේන්තු වෙළෙඳසැල් රැසක එස්කලේටර් ක්‍රියා විරහිත කර ඇත.
ECE සාප්පු සවාරි මධ්‍යස්ථානවල, උදේ සහ සවස මෙවැනි උපාංග ක්‍රියා විරහිත කර ඇත. ගෘහ භාණ්ඩ දැවැන්තයා වන IKEA ද එවැනිම පියවරක් සලකා බලමින් සිටින බව වාර්තා වේ.