ජර්මනිය සතු පියාසර දැඩි සත්කාර ගුවන් යානය වන එයාර්බස් A310 මාදිලියට අයත් MedEvac ගුවන් යානය COVID-19 ආසාදිත රෝගීන් ප්‍රවාහන මෙහෙයුම් සඳහා එක් කිරීමට තීරණය කෙරී ඇතැයි වාර්තා වෙයි.
ඒ අනුව ඉතාලියේ සිටින COVID-19 ආසාදිතයන් ජර්මනියේ රෝහල් වෙත රැගෙන ඒම සඳහා මෙම ගුවන් යානය භාවිතයට ගැනීමට නියමිතව ඇත.
මෙම MedEvac ගුවන් යානය සතුව රෝහල් ඇඳ 44ක් පිහිටුවා ඇති අතර, ඉන් ඇඳන් 16ක් ඉහළ දැඩි සත්කාර සේවා අවශ්‍ය රෝගීන් සඳහා වෙන් කෙරී ඇත. එසේම මෙම ගුවන් යානය තුළ 25 දෙනෙකුගෙන් යුත් වෛද්‍ය කණ්ඩායමක්ද රැඳී සිටියි.
මෙම ගුවන් යානයේ දැඩි සත්කාර ඒකකය තුළ Evita 4 වෙන්ටිලේටර් උපාංග ඇතුළුව, Oxylog 3000 නම් එහා මෙහා රැගෙන යා හැකි වෙන්ටිලේටර්, Propaq EL106 බහු ක්‍රියාකාරී මොනිටර, Combimat 2000 සිරින්ජර් පොම්ප ඇතුළුව උපාංග ඇත. ඊට අමතරව තවත් අමතර වෛද්‍ය උපාංග රැසකින්ම මෙම දැඩිසත්කාර ගුවන් යානය සමන්විත වන බව ජර්මානු බලධාරීන් පවසයි.