වසර කිහිපයක් පුරා පවතින යුරෝ බිලියන 50ක පමණ වාර්ෂික ආරක්ෂක අයවැය ඉහලට ගෙන යමින් ජර්මනියේ හමුදා ශක්තිමත් කිරීම සඳහා යුරෝ බිලියන 100ක (ඇ.ඩො.බිලියන 107.2ක) විශේෂ ආරක්ෂක අරමුදලක් අනුමත කර තිබේ.
ජර්මානු ෆෙඩරල් ආණ්ඩුව සිකුරාදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ "මෙම විශේෂ අරමුදලේ අරමුණ වන්නේ අපේ පවතින හැකියාවන් පවත්වා ගැනීම සහ අපගේ ආරක්ෂක සහ සන්ධාන හැකියාවන් සඳහා අවශ්‍ය ආයෝජන සිදු කිරීමට අඩිතාලම සැකසීමයි" යනුවෙනි.
යුරෝෆයිටර් ජෙට් යානා සහ එෆ්-35 ප්‍රහාරක යානා මිලදී ගැනීමද මෙම අරමුදලට ඇතුළත් වී ඇති අතර, ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් පැවසුවේ විශේෂ අරමුදල ඉතිහාසයේ හැරවුම් ලක්ෂයට නිවැරදි පිළිතුර බවයි.
රුසියානු-යුක්රේන ගැටුම ඇවිලීමෙන් පසු පෙබරවාරි අගදී, චාන්සලර් ජර්මානු සන්නද්ධ හමුදාවන් සඳහා 2022 අයවැයෙන් යුරෝ බිලියන 100ක් පොරොන්දු විය.