ජර්මානු චාන්සලර්ගෙන් නව බ්‍රිතාන්‍ය අගමැතිට ආරාධනා


ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් බදාදා බ්‍රිතාන්‍යයේ නව අගමැති ලිස් ට්‍රස් සමග දුරකථනයෙන් සංවාසදයක නිරත වෙමින්, ඉක්මනින් බර්ලිනයට පැමිණෙන ලෙස ඇයට ආරාධනා කළ බව ජර්මානු රජයේ ප්‍රකාශකයෙකු හෙළි කර තිබේ.

"වර්තමාන මාතෘකා පිළිබඳව ඔවුන් අදහස් හුවමාරු කර ගත්තා. චාන්සලර්වරයා සිය බ්‍රිතාන්‍ය සහකාරියට නුදුරේදීම සිය රාජතාන්ත්‍රික සමාරම්භක සංචාරයක් සඳහා බර්ලිනයට ආරාධනා කර සිටියා" ප්‍රකාශකයා සඳහන් කළේය.

එමෙන්ම බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට පත්වීම පිළිබඳව ට්‍රස් වෙත සිය සුබ පැතුම්ද ස්කොල්ස් ප්‍රකාශ කර තිබේ.



Recommended Articles