වර්ෂ 1982 වසරේ සිදු වූ ඝාතන දෙකකට වැරදිකරු වූ පුද්ගලයෙකුට සිය නම ඉන්ටර්නෙට් සෙවුම් තුළින් ඉවත් කිරීමට අයිතියක් ඇති බව ජර්මානු ව්‍යවස්ථාපිත අධිකරණය තීරණය කර තිබේ.
අදාළ වර්ෂයේදී යාත්‍රාවක් තුළ පුද්ගලයන් දෙදෙනෙකු මරා දැමීමට වරදකරු වෙමින්, ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබූ පුද්ගලයෙකුට මෙම තීන්දුව හිමිවීම විශේෂත්වයකි.
2002 වර්ෂයේදී නිදහස ලැබූ ඔහුට සිය පවුල් නාමය තමන් කළ අපරාධයෙන් ඈත්කර තැබීමට අවශ්‍ය වූ අතර, ඒ අනුව, මෙම තීන්දුව බලාත්මක වීමෙන් ඉන්ටර්නෙට් සෙවුම් වෙබ් අඩවි ඔහු ගැන පළ වී ඇති ලිපිවලට ඇතුළු වීම අවහිර කරනු ඇති බව කියයි.
කැරිබියන් මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරමින් තිබූ 'ඇපලෝනියා' නෞකාවේ සිටි පුද්ගලයන් අතර ඇති වූ ගැටුමකදී ඔහු දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කර තවත් පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදුකර තිබුණු අතර, මෙම නඩුව සම්බන්ධයෙන් ග්‍රන්ථයක්ද සම්පාදිතය. එමෙන්ම, රූපවාහිනී වාර්තාමය වැඩසටහනක් සකසා තිබුණි.