ජර්මානු ගුවන් තොටුපළක ත්‍රස්ත අවදානමක් - ආරක්ෂව නංවයි


ජර්මනියේ විශාලතම ගුවන් තොටුපොළ ලෙස සැලකෙන ස්ටට්ගර්ට් ගුවන් තොටුපොළෙහි ත්‍රස්ත අවදානමක් හේතුවෙන් ආරක්ෂාව තර කර තිබේ.

ඒ අනුව, පොලීසිය පියෙකු හා පුතෙකු මෙන්ම, ගුවන් තොටුපොළ පර්යන්තයන්හි සහ භූමියෙහි ඡායාරූප ලබාගත් පුද්ගලයන් දෙදෙනෙකු සොයා මෙහෙයුම් අරඹා ඇති බව විදෙස් වාර්තා පවසයි.

මොරොක්කෝ බුද්ධි අංශ විසින් මෙම තොරතුරු ජර්මානු ආරක්ෂක අංශ වෙත ලබාදී ඇති බවද සඳහන් වෙයි.

ප්‍රංශ දේශසීමාවේ වූ ස්ට්‍රාස්බර්ග් නත්තල් වෙළෙඳ පොළ ඉලක්ක කරමින් පසුගිය සතියේ එල්ල වූ ප්‍රහාරයෙන් පසුව මෙම ප්‍රහාර සැලසුම පිළිබඳ තොරතුරු ලැබී තිබේ.

එම ප්‍රහාරයෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, එය ස්ටට්ගාර්ට් සිට කිලෝමීටර් 150ක් පමණ දුරින් එල්ල වූ ප්‍රහාරයකි.

මේ අතර, ජර්මනියේ සියලු ගුවන් තොටුපොළ සහ ජනතාව වැඩිපුර ගැවසෙන ස්ථානවල ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බව ආරක්ෂක අංශ වැඩිදුරටත් පවසයි. 



Recommended Articles