ජර්මනියෙන් වාර්තා වන කොවිඩ්-19 වෛරසය ආසාදිත පිරිස මේ වනවිට 100,123ක් බව ජෝන්ස් හොප්කින්ස් දත්ත පෙන්වා දෙයි.
කෙසේ වෙතත් යුරෝපයේ බලවත්ම රාජ්‍යයක් වන ජර්මනිය තුළ මේ දක්වා සිදුව ඇති මරණ සංඛ්‍යාව 1,584ක් බවත්, එය ආසාදිතයන් ලක්ෂය ඉක්මවූ වෙනත් රටවලට සාපේක්ෂව අඩු මට්ටමකි.
එමෙන්ම මේ වනවිට ජර්මනිය තුළ වෛරසයට ගොදුරුව රෝහල්ගත වූවන්ගෙන් 28,700ක් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
දැනට වැඩිම ආසාදිතයන් පිරිස ඇමෙරිකාවෙන් වාර්තා වන අතර, එම අගය 337,274කි. දෙවනුවට ස්පාඤ්ඤයෙන් ආසාදිතයන් 131,646ක්ද, තෙවනුවට ඉතාලියෙන් ආසාදිතයන් 128,948ක්ද, සිව්වනුව ජර්මනියෙන් ආසාදිතයන් 100,123ක්ද, ප්‍රංශයෙන් ආසාදිතයන් 93,780ක්ද වාර්තා වෙයි.