ජර්මනියේ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙක් මරුට


නැගෙනහිර ජර්මානු හැලේ නගරයේ කෙබාබ් වෙළෙඳ සැලක හා යුදෙව් ශාලාවක් අසල සිදු වූ වෙඩි තැබීම්වලින් අවම වශයෙන් දෙදෙනෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් නමුත් අවම වශයෙන් තවත් පුද්ගලයෙක් වාහනයකින් පලා ගොස් ඇති බව පොලීසිය විශ්වාස කරයි.

සිද්ධිය ඇසින් දුටුවන් පවසා සිටියේ එක් තුවක්කුකරුවෙකු ගිනිඅවි කිහිපයක් රැගෙන හමුදා ඇඳුමකට සමාන ඇඳුමකින් සැරසී සිටි බවයි.

හැලේ සිට කිලෝමීටර් 15ක් (සැතපුම් 9 ක්) නැගෙනහිරින් පිහිටි ලෑන්ඩ්ස්බර්ග්හි අනෙක් වෙඩි තැබීමේ සිද්ධිය වාර්තා වූ බව පොලීසිය පවසයි.

මෙම වෙඩි තැබීම්වලට හේතුව පැහැදිලි නැතත්, මෙම ප්‍රදේශයන් දෙකෙහිම ප්‍රදේශවාසීන්ට තම නිවෙස් තුළ රැඳී සිටින ලෙස දැනුම් දී තිබේ.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ දෙදෙනෙකු හැලේ විශ්ව විද්‍යාල රෝහලේදී සැත්කම්වලට බඳුන්ව ඇති බව ප්‍රංශ පුවත් සේවය පවසයි.



Recommended Articles