ජර්මනියේ සමාජ ප්රජාතන්ත්රවාදීන් මෙවර මැතිවරණය සුළු බහුතරයකින් ජයග්‍රහණය කර ඇති අතර, ඔවුන්ගේ චාන්සලර් අපේක්ෂක ඔලාෆ් ෂෝල්ස් ආධාරකරුවන්ගෙන් සහ මාධ්‍යවේදීන්ගෙන් පිරී තිබූ කාමරයක සිට ජනතාව ඇමතීය.
"ඡන්ද දායකයින් කතා කර තිබෙනවා" ෂෝල්ස් සිය කතාව ඇරඹුවේ විශාල මල් කළඹක් අල්ලාගෙන පුළුල් සිනහවක් මුහුණේ ඇඳගෙනය.
ජර්මනියේ පරම්පරා මාරුවක් ලෙස සමහර නිරීක්ෂකයින් විසින් දකින ඉරිදා පැවති ෆෙඩරල් මැතිවරණයේදී ඔහුගේ මධ්‍ය-වාමාංශික පක්ෂය 25.7%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට සමත් විය. නික්ම යන චාන්සලර් ඇන්ජෙලා මර්කල්ගේ දීර්ඝ කාලීන මධ්‍ය-දක්ෂිණාංශික ක්‍රිස්තියානි ප්රජාතන්ත්රවාදී සංගමය සියයට 24.1%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා සිය නරකම මැතිවරණ ප්‍රතිඵලය ලබා ගත්හ.
"දක්ෂිණාංශික පක්ෂයට ඡන්ද අහිමි වීම පමණක් නොව ඉතිහාසයේ නරකම පරාජය ලබා තිබෙනවා. ඔවුන් තවදුරටත් ආණ්ඩුවේ නොව විපක්ෂයේ සිටිය යුතු බව ජනතාවගෙන් පණිවුඩයක් ලැබී තිබෙනවා" ෂෝල්ස් වැඩිදුරටත් පැවසීය.
කෙසේ වෙතත් රජයක් පිහිටු වීමට නම්, ඔවුන්ට සන්ධානයක් අවශ්‍ය වන අතර, තමා කවරයෙකු සමග මිත්‍රකම් පැවැත්වීමට අවශ්‍ය දැයි ෂෝල්ස් දැනටමත් තීරණය කර ඇති බවද විදෙස් වාර්තා පවසයි.