ඇන්ජෙලා මර්කල්ගේ 16 වසරක නායකත්වය අවසන් කරමින් ඔලාෆ් ෂෝල්ස් දැන් නිල වශයෙන් ජර්මනියේ චාන්සලර්වරයා ලෙස දිවුරුම් දීම සිදුවිය.
ඔහු ජර්මනියේ ෆෙඩරල් පාර්ලිමේන්තුව වෙත මෙසේ නිල වශයෙන් තේරී පත් වූයේ පක්ෂව ඡන්ද 395ක්, විපක්ෂව ඡන්ද 303ක් සහ 6දෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටි මැතිවරණ ප්රතිඵලයට අනුවය.
පාර්ලිමේන්තු කථානායක බේර්බල් බාස් විසින් මැතිවරණ ප්රතිඵල පිළිගන්නේ දැයි ඇසූ විට ෂෝල්ස් හිස වැනුවේය. යුරෝපයේ විශාලතම ආර්ථිකය හරිත, නවීන සහ සාධාරණ බවට පත් කිරීමට මෙම නිල පත්වීමත් සමග ෂෝල්ස් පොරොන්දු වී ඇත.