ජර්මනියේ පැවති ජාතික මැතිවරණයෙන් ඉතා සුළු ප්රතිශතයකින් ජයග්රහණයක් ලබාගැනීමට සෝෂල් ඩිමොක්රැට්ස් පක්ෂය සමත්ව තිබේ.
ඒ වර්ෂ 2005න් පසු පළමු වතාවට රජයකට නායකත්වය දීම සඳහාය. ඇන්ජෙලා මර්කල් යටතේ වසර 16ක කන්සවේටිව් නායකත්වයෙන් යුත් පාලනය අවසන් කිරීමට පැහැදිලි ජනවරමක් හිමි වූ බව ප්රක්ෂේපිත ප්රතිඵල පෙන්වා දී ඇත.
කෙසේ වෙතත් රජයක් පිහිටුවීම සඳහා ප්රධාන පක්ෂ තවමත් සන්ධානයක් සොයමින් සිටින බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල් පස්වැනි වරටත් රටේ නායකත්වය දැරීමට කටයුතු නොකරමින් ධුරයෙන් ඉවත් විය.