ජර්මනියේ ලූබෙක් නගරයේදී බස් රථයක් තුළදී පිහි ප්‍රහාරයක් එල්ල වීමෙන් පුද්ගලයන් 14 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
උතුරුදිග ෂෙල්ස්විග්-හොල්ස්ටෙයින් ප්‍රාන්තයේ වූ ලූබෙක් නගරයේ පොලීසිය පවසා සිටියේ මෙම ප්‍රහාරය එල්ල කළ සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
මෙම ප්‍රහාරයෙන් කිසිවෙකු ජීවිතක්ෂයට පත්ව නොතිබුණත්, බරපතළ තුවාල ලැබූවන් සිටි බවද පොලීසිය පවසයි.
ක්වෙක්නයිට්ස් බස් නැවතුම සහ ඒ ආශ්‍රිත ප්‍රදේශය දැඩි සෝදිසියකට ලක්කර ඇති අතර, පිටතින් පුද්ගලයන් ප්‍රදේශයට ඇතුළු වීමද වළක්වා ඇත.
මේ අතර, සිද්ධියට මුහුණදුන් බස් රථය මාර්ගය අසල නවතා ඇති ආකාරය මාධ්‍ය වාර්තාවල දැක්වුණි.
මෙය ජිහාඩ් ප්‍රහාරයක්ද යන්න මෙතෙක් තහවුරු කරගෙන නොතිබුණත්, ජර්මනිය ඇතුළු යුරෝපා රටවල් රැසක මෙවැනි ප්‍රහාර ජිහාඩ් හුදෙකලා ත්‍රස්තයන් විසින් සිදුකළ අවස්ථා ආසන්න කාලසීමාවේදී වාර්තා විය.