දකුණු ජර්මනියේ නගරයේ පාසල් සිසුවියන් දෙදෙනෙකුට පුද්ගලයෙකු සිදුකළ පිහි ඇනුමකින් 14 හැවිරිදි එක් දැරියක් තුවාල ලබා පසුව ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය තහවුරු කරයි. ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා පවසන්නේ බලධාරීන් සැකකරු ප්‍රාදේශීය සරණාගත නවාතැනකදී අත්අඩංගුවට ගත් බවයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාට අනුව සඳුදා උදෑසන 7.30 ට පමණ පාසලට යමින් සිටියදී මෙම සිසුවියන්ට ප්‍රහාරය එල්ල වී ඇත. ඇසින් දුටු සාක්ෂිකරුවන් SWT විකාශනයට පැවසුවේ, ගැහැණු ළමයින්ගේ උදරයට පිහියෙන් ඇන තුවාල කර ඇති බවයි.
ඔවුන් දෙදෙනාම බරපතල තත්ත්වයෙන් රෝහල් ගත කර ඇති අතර, පසුව එක් දැරිවියක ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ප්‍රහාරයෙන් පසු සැකකරු අසල පිහිටි ගොඩනැගිල්ලකට පලා ගොස් ඇති අතර එහිදී ඔහු සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු SWAT කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.