ජර්මනියේ, බර්ලීන් නුවර නව ආසාදිතයන් 57 දෙනෙකුගේ පොකුරක් මතුවීමත් සමග නියුකොල්න් හි නිවාස 300කට වැඩි ප්‍රමාණයක් නිරෝධායනය සඳහා යොමුකර තිබේ.
නියුකොල්න් නගර සභාවේ ක්‍රිස්ටියන් බර්ග් පැවසුවේ අගනුවර ජනාකීර්ණ දිස්ත්‍රික්කයේ මහල් නිවාස ගොඩනැගිලි 7කට වෛරසයේ බලපෑම එල්ල වී ඇති බවයි.
වසංගතයට ජර්මනිය දක්වන ප්‍රතිචාරය පුළුල් ලෙස පැසසුමට ලක්ව පසුබිමක මෙම ආසාදිත පොකුර ඉස්මතු වී ඇති අතර, මිලියන 80කට වැඩි ජනගහනයක් සිටින ජර්මනියේ වෛරසය ආශ්‍රිත මරණ සිදුවූයේ 8,840ක් පමණි.
වෛරසය පාලනයේදී ඵලදායී නායකත්වයක් පෙන්වන අතරම, දැඩි පරීක්ෂණ ක්‍රියාවලියක් ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් චාන්සලර් ඇන්ජෙලා මර්කල්ට විශේෂ ගෞරවයක් හිමි වී තිබේ.
ඇය සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සමග යුරෝපා සංගමය වෛරසයට දක්වන ප්‍රතිචාරයට මූලිකත්වය ගෙන ඇති අතර ඩොලර් බිලියන 500ක ප්‍රතිසාධන පැකේජයක් සඳහා එකඟතාවයකට එළැඹ තිබේ.