ජර්මනියේ කොවිඩ් ආසාදන ලක්ෂයකට 600ක් ඉක්මවලා


ජනගහනයෙන් 100,000කට නව ආසාදන 638.8ක් වාර්තා වී ඇති බැවින් ජර්මනියේ දින හතක කොවිඩ්-19 සිදුවීම් අනුපාතය පළමු වරට 600ක් ඉක්මවූ බව බෝවන රෝග සඳහා වන රොබට් කොච් ආයතනය පවසයි.

යුරෝපය පුරා ව්‍යාප්ත වන වඩාත් බෝවන ඔමික්‍රෝන් ප්‍රභේදය හේතුවෙන්, ජර්මනියේ දෛනික ආසාදනද නව වාර්තාවක් දක්වා ඉහළ ගියේ, පැය 24ක් ඇතුළත ආසාදිතයන් 133,536ක් ලියාපදිංචි කරමිනි. එය සතියකට පෙර 52,000ක් පමණ වූ බව රොබට් කොච් ආයතනය පවසයි.

සෞඛ්‍ය අමාත්‍ය කාර්ල් ලෝටර්බෙක් අනතුරු ඇඟවූයේ ජර්මනියේ ඔමික්‍රෝන් රැල්ල උච්චතම අවස්ථාවට තවමත් ළඟා වී නොමැති බවටය. “පෙබරවාරි මැද භාගයේදී රැල්ල දළ වශයෙන් ඉහළ යනු ඇති” සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ දෛනිකව ආසාදිතයන් 100,000ක් ඉක්මවා අපේක්ෂා කරන බවයි.



Recommended Articles