ජර්මනියේ ආසාදන අනුපාතය ප්‍රථම වරට 300 ඉක්මවා යයි


ජර්මනියේ දින හතක ආසාදන අනුපාතය මෙතෙක් වාර්තා වූ ඉහළම මට්ටමට ළඟා වී ඇති අතර, ඒ අනුව පුද්ගලයන් 100,000කට 303.0ක් දක්වා එය වර්ධනය වී ඇති බව බෝවන රෝග සඳහා වන රොබට් කොච් ආයතනය නිවේදනය කරයි.

පසුගිය සතියේ වසංගතය ආරම්භයේ සිට පළමු වතාවට දෛනික ආසාදන 50,000ක් ඉක්මවා ගියේය. එමෙන්ම ජර්මානු දැඩි සත්කාර ලබා ගැනීමේ ලේඛනයට අනුව, දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර අවශ්‍ය කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාවද ඉහළ ගොස් සඳුදා දිනයේ 3,190ක් දක්වා වැඩිවී තිබේ. එය පසුගිය සතියේ එම දිනයේම 2,600ක් ලෙස වාර්තා විය.



Recommended Articles