ජර්මනියේ ගොවීන්ට නයිට්රේට් පොහොර භාවිතය සීමා කරමින් නව නීති පැනවීමත් සමග ගොවිතැන ආපස්සට යන බවට චෝදනා නැගේ.
ජර්මනියේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රාන්තයේ කෘෂිකර්මාන්තය වඩාත් හරිත බවට පත් කිරීම අරමුණු කරගත් නව සීමා මාලාවක් යටතේ ඔවුන්ගේ පොහොර යෙදීමේ ක්‍රම දැඩි ලෙස පාලනය කළ යුතුව ඇත.
නෝර්ත් රයින්-වෙස්ට්ෆාලියා හි රසායනික ගැටලුකාරී මට්ටම් ඇතැයි සැලකෙන ගොවි බිම්වල 20%කට අඩු නයිට්රේට් පොහොර භාවිත කිරීමට නියෝග කර ඇති අතර, එය දැන් පළාතේ භාවිත කළ හැකි ගොවිබිම්වලින් තුනෙන් එකක් ආවරණය කරයි.
සමහර ප්‍රාදේශීය ගොවීන් සහ දේශපාලන නිලධාරීන් අතර මෙම නීති අප්‍රසාදයට ලක්ව ඇති බව පෙනේ. රයින් හි කෘෂිකාර්මික සංගමයේ උප සභාපති එරිච් ගුසන් අනතුරු ඇඟවූයේ නව රෙගුලාසි මගින් බෝගයේ අඩු ගුණාත්මක භාවයක් සහිත ඵලදාවක් ලැබෙනු ඇති බවය.
ගොවීන් සටනකින් තොරව නීති පිළි නොගන්නා බවට ඔහු ඉඟි කළ අතර, ගොවීන් අතර විශාල කෝපයක් ඇතිවී තිබෙන බවත්, එය ඇත්තෙන්ම ඔවුන්ව කලබලයට පත් කර ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
“තිරිඟු කෙතකට ප්රශස්ත අස්වැන්නක් සඳහා පොහොර කිලෝග්‍රෑම් 200ක් අවශ්‍ය නම්, ගොවීන්ට දැන් කිලෝග්‍රෑම් 40ක් අඩුවෙන් භාවිත කිරීමට බල කරලා. එයින් අදහස් කරන්නේ අස්වැන්න අඩුවීම සහ තිරිඟුවල ගුණාත්මක භාවයට හානි සිදුවීමයි." ගුසන් වැඩිදුරටත් පැහැදිලි කළේය.