ජර්මනිය බලශක්තිය ප්‍රභවයන් සම්බන්ධ ගැටලුවකට මැදිවී සිටින අවස්ථාවේ ජර්මනිය මීට පෙර විශ්‍රාම ගැන්වූ සිය න්‍යෂ්ටික බලාගාරවල ආයුකාලය තවදුරටත් දීර්ඝ කිරීමේ තීන්දුවකට පැමිණීමට සූදානම් වෙයි.
ඒ අනුව, මෙම න්‍යෂ්ටික ඉන්ධන පිළිබඳ තීරණයක් ගනු ලබන්නේ චාන්සලර් ඔලාෆ් ෂෝල්ස්ගේ රජය වාර්තාගත බලශක්ති බිල්පත් සහ උද්ධමන පීඩනයෙන් කුටුම්භයන් ආරක්ෂා කිරීම සඳහා නිර්මාණය කර ඇති ඩොලර් බිලියන ගණනක ආධාරක පැකේජයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුවය.
ජර්මනියේ හිටපු චාන්සලර් ඇන්ජෙලා මාර්කල් විසින් එරට න්‍යෂ්ටික බලාගාර වසා දැමීමේ ප්රතිපත්තියකට පැමිණ තිබූ අතර, මේ වනවිට ඇතිවී තිබෙන බලශක්ති අර්බුදය හමුවේ එම ප්‍රතිපත්තිය රිවස් කිරීමට වත්මන් පාලකයාට සිදුව තිබේ.