ජර්මනිය සහ යුක්රේනය අතරත් ගැටුමක් ඇවිලේද?


ජර්මානු ජනාධිපතිවරයාගේ යුක්රේන සංචාරය එරට නායකත්වය විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමග ජර්මනිය සහ යුක්රේනය අතර රාජ්‍ය තාන්ත්‍රික ගැටුමක් ආරම්භ වී තිබේ.

ජර්මනියේ ජ්‍යෙෂ්ඨ නීති සම්පාදකයෙක් යුක්රේන රජයෙන් ඉල්ලා ඇත්තේ ජර්මනියේ අභ්‍යන්තර දේශපාලනයට මැදිහත්වීම් නොකරන ලෙසයි.

ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටේන්මියර් විසින් යුද්ධයෙන් විනාශ වූ රට වෙත සිදුකිරීමට ගිය යෝජිත සංචාරයක් යුක්රේන නායකත්වය විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව, බර්ලිනය සහ කියෙව් අතර රාජ්‍ය තාන්ත්‍රික ගැටුමක් පුළුල් වී ඇත.

පෝලන්තය, එස්තෝනියාව, ලිතුවේනියාව සහ ලැට්වියාව යන රටවල ජනාධිපතිවරුන් සමග කියෙව් වෙත සංචාරය යාමට ස්ටේන්මියර් බලාපොරොත්තු විය. නමුත් වෝර්සෝ හිදී මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ තමා යුක්රේන සංචාරය නතර කළ බවයි.

"මම එයට සූදානම්ව සිටියේ. නමුත් පෙනෙන විදිහට සහ මම එය පිළිගත යුතුයි. එය කියෙව්හි අවශ්‍ය නොවෙන්නේ නම්, අවශ්‍ය නෑ." ඔහු වාර්තාකරුවන්ට පැවසීය.

අනෙක් නායකයින් හතර දෙනා යුක්රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි හමුවීමට බදාදා කියෙව් වෙත දුම්රියෙන් ගියහ.

යුක්රේනය සිදුකළ මෙම නින්දාවට ප්‍රතිචාර දක්වමින්, ජර්මනියේ පාලක එස්පීඩී පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායක රොල්ෆ් මුට්සෙනිච් විසින් ජනපති ස්ටේන්මියර්ට සම්බන්ධ වීමට ඉඩ නොදීමේ තීරණය විවේචනය කළේය.

"රුසියානු ආක්‍රමණයෙන් යුක්රේනයට පවතින පැවැත්මේ තර්ජනයට නිසි ගෞරවය ඇතිව, යුක්රේන නියෝජිතයන් අවම රාජ්‍ය තාන්ත්‍රික සම්මුතීන්වලට අනුකූලව කටයුතු කරනු ඇතැයි සහ අපේ රටේ දේශීය දේශපාලනයට අනවශ්‍ය ලෙස මැදිහත් නොවී සිටිනු ඇතැයි මා අපේක්ෂා කරනවා" ඔහු පැවසීය.



Recommended Articles