අහස උසට නැඟෙන ආහාර මිල හේතුවෙන් ලෝකය උග්‍ර ආහාර අර්බුදයකට මුහුණ දීමට සූදානම් වන බව ජර්මානු ආර්ථික සහයෝගිතා සහ සංවර්ධන අමාත්‍ය ස්වෙන්ජා ෂූල්සේ අවධාරණය කරයි.
ජර්මනියේ Bild පුවත්පතට පැවසුවේ, දෙවැනි ලෝක යුද්ධයෙන් පසු නොදුටු සාගතයක් ගැන ජර්මානු අමාත්‍යවරයා මෙම අනතුරු ඇඟවීම කළ බවයි. විශේෂයෙන්ම, කොවිඩ්-19 වසංගතය සහ රුසියාව විසින් යුක්රේනයේ සිදුකරන හමුදා මෙහෙයුම එයට හේතු ලෙස අමාත්‍යවරිය නම් කර ඇත.
සෙනසුරාදා පුවත්පත සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදී ඇය පැවසුවේ තත්ත්වය ක්‍රමානුකූලව නරක අතට හැරෙමින් පවතින බවයි. එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනට අනුව, මිලියන 300 කට වැඩි ජනතාවක් දැනටමත් උග්‍ර කුසගින්නෙන් පෙළෙන අතර එක්සත් ජාතීන්ට මෙම දත්ත නිරන්තරයෙන් ඉහළ දැමීමට සිදුවන බවද සඳහන් කර තිබේ.
විශේෂයෙන්ම ලොව පුරා ආහාර මිල ගණන් තුනෙන් එකකින් ඉහළ ගොස් ඇති අතර, එය වාර්තාගත මිල ඉහළ යාමක් කරා ළඟා වී ඇති බවද අමාත්‍යවරිය පෙන්වා දෙයි. මේ නිසා ඉදිරියේදී මිලියන ගණනක් මිනිසුන් මිය යනු දැකිය හැකි අමිහිරි පණිවිඩය ගැන අනතුරු ඇඟවූ ෂූල්සේ, දෙවැනි ලෝක යුද්ධයෙන් පසු දරුණුතම සාගතයට අප මුහුණ දී සිටින බව පැවසීය.