රුසියාවේ ස්වභාවික වායූන් ජර්මනිය විසින් ආනයනය කිරීම සැලකිය යුතු ආරක්ෂක කරුණක් බවත්, මේ හරහා ජර්මනිය රුසියාව විසින් පාලනය කරන බවත් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කරයි.
බෙල්ජියමේ, බ්‍රසල්ස් නුවරදී ආරම්භ වූ නේටෝ නායක සමුළුවට සහභාගී වෙමින් ඇමෙරිකානු නායකයා මෙම අදහස් මතු කර ඇති අතර, මෙම තත්ත්වය නේටෝවට අහිතකර තත්ත්වයක් බවත්, ජර්මනිය සම්පූර්ණයෙන්ම රුසියාව විසින් පාලනය කරන රාජ්‍යයක් ට්‍රම්ප් වැඩිදුරටත් චෝදනා කර තිබේ.
මෙහිදී, ඇමෙරිකානු නායකයා පෙන්වා දී ඇත්තේ ජර්මානු ස්වභාවික වායු ආනයනයන්ගෙන් 70%ක් රුසියාවෙන් සිදුකරන ආනයන බවයි. කෙසේ වෙතත්, මේ සම්බන්ධ නිල දත්ත අනුව එම අගය 50% සහ 75% අතර අගයක් ගනු ඇති බවද සඳහන් වෙයි.
කෙසේ වෙතත් ඉන් නොනැවතී නේටෝව වෙත ප්‍රමාණවත් තරම් මූල්‍ය දායකත්වයක් දැක්වීමට ජර්මනිය අපොහොසත් වී ඇති බවටද ඇමෙරිකානු නායකයා චෝදනා නඟා ඇත.
ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනපති ව්ලැඩිමීර් පූටින් අතර මුහුණට මුහුණ සාකච්ඡාවකට සතියකටත් වඩා අඩු කාලයක් තිබියදී බ්‍රසල්ස් නේටෝ සමුළුව පැවැත්වීමද විශේෂත්වයක් ගෙන තිබේ.