ජර්මනිය න්‍යෂ්ටික බලාගාර හයෙන් තුනක් වසා දමයි


ජර්මනිය සිය අවසන් න්‍යෂ්ටික බලාගාර හයෙන් තුනක් වසා දමා ඇති අතර, එය ඔවුන් න්‍යෂ්ටික බලයෙන් ඉවත් වීම සම්පූර්ණ කිරීම සඳහා පුනර්ජනනීය බලශක්තිය වෙත අවධානය යොමු කිරීමේ තවත් සංධිස්ථානයකි.

2011 දී ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ මෙන්ම, 1986 දී චර්නොබිල්වල සිදුවූ දරුණු අනතුරුවලින් පසුව න්‍යෂ්ටික බලය ක්‍රමයෙන් ඉවත් කිරීම වේගවත් කිරීමට ජර්මානු රජය තීරණය කළේය.

අවසාන න්‍යෂ්ටික බලාගාර තුන - Isar 2, Emsland සහ Neckarwestheim II - 2022 අවසානය වනවිට අක්‍රිය වනු ඇති බව ජර්මනිය පවසයි.

න්‍යෂ්ටික බලාගාර හය 2021 දී ජර්මනියේ විදුලි නිෂ්පාදනයෙන් 12%කට පමණ දායක වූ බව මූලික සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. පුනර්ජනනීය බලශක්තියේ කොටස 41%ක් පමණ වූ අතර, ගල් අඟුරු 28කට අඩු වෙයි. එමෙන්ම ගෑස් 15%ක් පමණ වේ.

සුළං සහ සූර්ය බලශක්ති යටිතල පහසුකම් පුළුල් කිරීම මගින් 2030 වනවිට බලශක්ති ඉල්ලුමෙන් 80%ක් පුනර්ජනනීය බලශක්තිය සපුරාලීම ජර්මනියේ අරමුණයි.



Recommended Articles