ජපානයේ සුළි කුණාටුවේ මරණ 23ක් වෙලා - තවත් 19ක් අතුරුදන්


වසර ගණනාවකට පසුව ජපානයට බලපෑ ප්‍රබලතම සුළි කුණාටුව වන හගිබිස් නිසා මේ වනවිට පුද්ගලයන් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මේ අතර, විපතට පත්වූවන් බේරාගැනීමේ මෙහෙයුම් තවදුරටත් සිදුවන බව ජපානයෙන් වාර්තා වෙයි.

එන්.එච්.කේ. රූපවාහිනිය පවසා සිටියේ තවත් පුද්ගලයන් 19 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි.

මධ්‍යම නගානෝ පළාත සම්පූර්ණයෙන්ම පාහේ ජලයෙන් යටවී ඇති අතර, හෙලිකොප්ටර් යානා යොදාගනිමින් වහළ උඩ සිටින පුද්ගලයන් බේරාගන්නා ආකාරය දැකිය හැකි විය.

ජපාන රජය පවසා සිටියේ සමස්තයක් ලෙස මෙහෙයුම් සඳහා  හමුදාවේ 27,000ක් යොදවා ඇති බවයි.

අගමැති ෂින්සෝ අබේ පවසා සිටියේ, මුදාගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් කළ හැකි සෑම දෙයක්ම සිදුකරන බවයි.



Recommended Articles