ජපානයේ රාජකීය පවුලේ ප්‍රථම කොවිඩ් ආසාදිතයා


ජපාන අධිරාජ්‍යාගේ රාජකීය පවුල විසින් එහි පළමු වැනි කොරෝනා වෛරස ආසාදනය තහවුරු කළ අතර, 38 හැවිරිදි යෝකෝ කුමරිය රෝහල් ගත කළ බව ජපන් මාධ්‍ය වාර්තා කරයි.

ජපානයේ මිකාසාහි යෝකෝ කුමරිය හිටපු අකිහිතෝ අධිරාජ්‍යයාගේ ඥාති සොහොයුරෙකු වූ මිකාසාහි දිවංගත ටොමොහිතෝ කුමරුගේ බාල දියණියයි.

ඇයට සඳුදා උගුරේ අමාරුවක් තිබූ අතර, අඟහරුවාදා වෛරසය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළාය. ඇය දැන් ඉම්පීරියල් මාලිගාව තුළම පිහිටි රෝහලක ප්‍රතිකාර ලබන බව කියයි.

එමෙන්ම, දින කිහිපයකට පෙර ඇයව හමුවූ ඇගේ සොහොයුරිය වන අකිකෝ කුමරියද පරීක්ෂාවට ලක්වනු ඇත.

මේ අතර, ජපානය කලාප 13 ක් සඳහා කොවිඩ්-19 අර්ධ-හදිසි තත්ත්වය මාර්තු 6දා දක්වා දීර්ඝ කරන බව ජපාන රජය පවසා තිබේ.



Recommended Articles