ජපානයේ කවසාකි නරගයේ බස් නැවතුමක රැඳී සිටි පාසල් සිසුවියන් ඇතුළු පිරිසකට එල්ල වූ පිහි ප්‍රහාරයකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 16 දෙනෙකු පමණ තුවාල ලැබූ බව ජපාන මාධ්‍ය උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසයි.
මියගිය අය අතර වයස අවුරුදු 11ක කුඩා පාසල් දැරියක සහ වයස අවුරුදු 39ක පුද්ගලයෙකු සිටින බව කියැවෙයි.
සැකකරු වයස අවුරුදු 50ක පුද්ගලයෙකු වන අතර, ඔහු මෙම ඝාතනයෙන් පසුව සිය ගෙල සිඳ ගෙන ඇති අතර, පසුව රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඔහුද ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙවැනි අමානුෂික ප්‍රහාර ජපානය තුළ ඉතා දුලභ වන අතර, මෙය කුමන පෙළඹවීමක් හෝ අරමුණක් ඉලක්ක වූයේද යන්න මෙතෙක් තහවුරු වී නැත.
ප්‍රහාරයෙන් තුවාල ලැබූ වැඩි පිරිස පාසල් සිසුවියන් වන අතර, ප්‍රහාරකයා දෙඅතින්ම පිහි රැගෙන මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව පොලීසිය පවසයි.
මේ සම්බන්ධයෙන් තමන් දැඩි කෝපයට පත්ව සිටින බව පවසන ජපාන අගමැති ෂින්සෝ අබේ, සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වූවන්ගේ ඥාතීන් වෙත සිය දැඩි සංවේගය පළ කරන අතර, තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර තිබේ.