ජපානයේ ප්‍රදේශ රැසකට බලපෑ දැඩි උණුසුම නිසා මරණ 30ක්


ජපානයට බලපා ඇති දැඩි උණුසුම්කාරී කාලගුණික තත්ත්වය හේතුවෙන් මියගිය පිරිස 30ක් දක්වා වර්ධනය වී තිබේ.

මෙම අයහපත් කාලගුණයෙන් පීඩා විඳින තවත් දහස් ගණනක පිරිසක් මේ වනවිටත් රෝහල්ගත කර ඇති බව බලධාරීහු පවසති.

මෙම උණුසුම් ස්වභාවයෙහි ඉහළම අගය ලෙස සෙල්සියස් අංශක 40.7ක් (ෆැරන්හයිඩ් අංශක 105) මධ්‍යම ජපානයට වාර්තා වී තිබුණු අතර, එය පසුගිය වසර පහක කාලය තුළ ජපානයෙන් වාර්තා වූ ඉහළම උෂ්ණත්වයද වෙයි.

මේ ආකාරයෙන් පසුගිය සති දෙකකට වැඩි කාලයක් එරට තුළ පැවති දැඩි උණුසුම බොහෝ ජනජීවිත අඩාල කර තිබූ බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

පසුගියදා ගංවතුරින් පීඩා විඳි ජපානයේ බටහිර ප්‍රදේශයට මෙම උණුසුම් කාලගුණික තත්ත්වය බලපා ඇති අතර, මේ නිසා එහි සහන කටයුතු පවා අඩාල වී ඇති බව ජපාන බලධාරීහු වැඩිදුරටත් පවසති.



Recommended Articles