ජපානයේ දෛනික කොවිඩ්-19 ආසාදන සංඛ්‍යාව අඟහරුවාදා දිනයේ ප්‍රථම වරට 60,000ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය වසංගතය ආරම්භයෙන් පසු එරටින් වාර්තා වූ ඉහළම ආසාදන අගයයි.
ජපාන රජය අඟහරුවාදා කොවිඩ්-19 හදිසි පියවර තවත් ප්‍රාන්ත 18ක් දක්වා ව්‍යාප්ත කිරීමේ සැලැස්මක් අනුමත කරන ලද අතර, දැඩි සීමාවන් බ්‍රහස්පතින්දා සිට ක්‍රියාත්මක වන බව දන්වා තිබේ.
ඒ අනුව මෙම හදිසි පියවර පෙබරවාරි 20දා දක්වා ක්‍රියාත්මක වන අතර ජපානයේ ප්‍රාන්ත 47න් 34ක්ම වඩාත් දැඩි ප්‍රති-වෛරස සෞඛ්‍ය පියවරයන්ට යටත් වේ.