මධ්‍යම චීනයේ, හුබෙයි පළාතේ, වුහාන් වෙත යෑමට නොහැකිව ජපානයේ කොටුවී සිටි වුහාන් වැසියන් 223 දෙනෙකු යළි වුහාන් වෙත පැමිණීම අද (05දා) සිදුව තිබේ.
චීන මගීන් 223ක් සහ වසංගත වැළැක්වීමේ සැපයුම් ටොන් 2.5ක් රැගෙන යන එයාර් චයිනා ගුවන් යානය ජපානයේ ඔසාකා හි කන්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් පිටත් වී සවස 6: 30ට පමණ වුහාන් ටියැන්හේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගොඩබැස ඇත.