ජපානයේ උද්ධමනය ඉහළට


දශක හතරක ඉහළම මට්ටම බලශක්ති පිරිවැය සහ යෙන් මුදල් ඒකකය දුර්වලවීම තුළ ජපානයේ මූලික පාරිභෝගික මිල ගණන් ඔක්තෝම්බර් මාසයේදී වසරින් වසර 3.6%කින් ඉහළ ගිය බව රජය ප්‍රකාශ කරයි.

කෙසේ වෙතත්, එක්සත් ජනපද ෆෙඩරල් සංචිතය සහ අනෙකුත් මහ බැංකු පොලී අනුපාත තියුණු ලෙස ඉහළ දැමීමට පෙලඹී තිබුණේ එක්සත් ජනපදයේ සහ වෙනත් තැන්වල උද්ධමනය ජපානයේ උද්ධමනයටත් වඩා අහස උසට ඉහල මට්ටම්වල පැවති බැවිනි.

එනමුදු, ලෝකයේ තුන්වැනි විශාලතම ආර්ථිකයේ උද්ධමන අනුපාතය ජපාන බැංකුවේ (BOJ) 2%ක උද්ධමන ඉලක්කයට වඩා අඛණ්ඩව හත්වැනි මාසය සඳහා ඉහළ මට්ටමක පැවතුණි.

මෙම මිල ඉහළ යාම තාවකාලික ලෙස දකින ජපාන බැංකුව, මුදල් ලිහිල් කිරීමේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන බව පවසයි.



Recommended Articles