ජපානයේ උණුසුම් කාලගුණයෙන් පුද්ගලයන් 11ක් මරු වැලඳගෙන


ජපානය හරහා ඇදී යන උණුසුම් වායු දහරා සමග ඇති වූ දැඩි උණුසුම් කාලගුණය නිසා මෙම ග්‍රීෂ්ම සෘතුවේ එරට පුද්ගල මරණ 11ක් වාර්තා වී තිබේ.

ආසන්නතම සිදුවීම ලෙස වින්දන උද්‍යානයක කිලෝ ග්‍රෑම් 16ක් පමණ බර විකට ඇඳුමකින් සැරසී නර්තනයේ යෙදුණු 28 හැවිරිදි තරුණයෙකු හදිසි හෘදයාබාධයකින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අධික උණුසුම දරාගත නොහැකිව බව සඳහන් වෙයි.

මෙම සිදුවීමත් සමග ඔසාකා නුවර පිහිටි හිරාකටා වින්දන උද්‍යානය මෙවැනි විකට ඇඳුම් ඇඟලාගෙන සිදුකරන නර්තනයන් වහාම අත්හිටුවීමටද තීරණය කර තිබේ.

පසුගිය සතිය පුරා බලපෑ මෙම උණුසුම් කාලගුණය හේතුවෙන් 5,000කට ආසන්න පිරිසක් ප්‍රතිකාර ලබාගැනීමට රෝහල්ගත කර ඇති බවද ජපාන බලධාරීහු පවසති.

එසේ රෝහල්ගත කරවූවන්ගෙන් 50%කට වැඩි පිරිස වයස අවුරුදු 65 හෝ ඊට වැඩි අය බව ක්යෝඩෝ පුවත් ඒජන්සිය පවසයි.

එලැඹෙන සතියේදීද ජපානයේ උණුසුම් කාලගුණික තත්ත්වය තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණ අංශ අනතුරු අඟවයි.



Recommended Articles